.........Nethu Mane Oba Na Nee නෙතු මානේ ඔබ නෑනේ...........




Download song :http://www.themusic.lk/Audio/nethumane-mamith-dissanayake.php
නෙතු මානේ ඔබ නෑනේ යළි වරෙක සිපගන්න 
පෙර දිනක උන්නා වගේ...

එනු මැනවි පියඹාලා කොහි සිටක හෝ නැවත
හද දිනුව සුර අංගනී...
මල් තුහින දෝතේ දරා හිනැහෙමින්...

හීතලට හිම මිදෙන හැන්දෑවෙ තනිකමට මගෙ හිතට පාළුයි වගේ
උණුසුමට දැවටීලා පපුතුරට තෙරපෙන්න කිමදෝ පමා ළබැඳියේ
පිනි පොකුරු පය තවරලා සැනහෙමින්...

ළා රෝස ආකාසෙ බුමුතුරුණු සුව යහනෙ
සැතපෙන්න ආසයි වගේ
දේදුන්න වාගෙම සිත් ඉමට පායන්න කාලය ළඟා වී මගේ
සිසිරය ගෙවී යාවි ඉගිලී නෙතින්

ගායනය - මමිත් ප්‍රියංකර දිසානායක
සංගීතය - චාලින්ද ශ්‍රියාන් මධුසංඛ
අරුත ස්ටූඩියෝ - කෑගල්ල (මිරාන් තරිඳු)

0 comments: