........Hedawena Tharamata හැඬවෙන තරමට හිනැහෙන්නට මට.......


හැඬවෙන තරමට හිනැහෙන්නට මට
ඔබමයි සතුටක් ගෙන ආවේ
ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම
ඔබෙ උණුහුම විතරයි ඔනේ
හිරු සඳු වෙන් වූවා වාගේ
අපි දෙදෙනා වෙන් නොවුනාවේ
නපුරු නොවී වෙනදා වගේ
තරහ නොවී ඉමු අපි ආයේ
ඉඳහිට දකලා අපි මුණගැහිලා
කොහොමද ඉන්නේ ඈත්වෙලා
අපි හමුනොවෙනා හැමදින ගෙවෙනා
මට දැනුනේ කල්පයක් වෙලා
පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගෙ වෙවා කියා කඳුලැලි පිසදා සැනසෙමු තුරුලේ
නොසැලී ඉමු සිතුවමක් වගේ
හිමිවන දවසක් කවදද එන්නේ
තවමත් එය මිරිඟුවක් වගේ
ආදරෙන් මා දිහා බලා මට කියන්නකෝ ආදරෙයි කියා
හැඬවෙන තරමට...

Lyrics - Kushan Maneendra Singer - Manjula Dilrukshi Music - Viraj Perera Mixed by Udara Samaraweera




0 comments: