.............Duka danne wena kwuda දුක දන්නේ වෙන කවුද............

                                        ..........දුක දන්නේ වෙන කවුද........

දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබේ වෙන්න අත් දෙක අරන්

එනමුත් අපේ කරුමේ එක්කල තවත්
සැනසෙන්න බෑ ඒ තුල ඇත්තෙම දුකක්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්

හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇති කර ගැටුම්...//
වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නෙ නෑ වැරදි කාරියෙ ඉතින්

දුක දන්නෙ වෙන කවුද...

ගණදුරට පෙම් බදින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමකට...//
මං ආයෙ හිනහෙන්න උර මඩලට
ලන් වෙන්නෙ නැ කදුළු පුජා කර

දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබේ වෙන්න අත් දෙක අරන්...

ගායනය :- රොශාන් ෆ්‍රනෑන්ඩු

0 comments: